HISTORY OF COMPUTERS - පරිගණකයේ ඉතිහාසය



HISTORY OF COMPUTER - පරිගණකයේ ඉතිහාසය


සංඛ්‍යාත්මක ගණිත කර්ම සදහා බිහිවූ උපකරණයක් ලෙස පරිගණකයේ මූලාරම්භය හදුනා ගත හැක. එය අවධීන් 4ක් යටතේ සංවර්ධනය වෙමින් පවතී.

  • Manual Machines                  - අතින් ක්‍රියා කරන යන්ත්‍ර
  • Mechanical Machines            - ලීවර හෝ දැතිරෝද වැනි දෑ භාවිතයෙන් යාන්ත්‍රිකව                                                                            ක්‍රියාකරන යන්ත්‍ර
  • Electro Mechanical Machines - විදුලි බලයෙන් මෙන්ම යාන්ත්‍රිකව ක්‍රියා කරන යන්ත්‍ර
  • Electronic Machines               - විදුලි බලයෙන් පමණක් ක්‍රියා කරන යන්ත්‍ර

Manual Machines

ඇබකසය - Abacus


මිනිසා ගණිත කර්ම සදහා මුලින්ම භාවිතා කරනු ලැබූ උපකරණය වූයේ ඇබකසයයි. චීන ජාතිකයින් විසින් මීට වසර 5000 කට පමණ පෙර ලොවට දායාද කරන මෙම උපකරණය අද පවා චීනය ජපානය වැනි ආසියාතික රටවල භාවිතා කෙරේ. මෙමගින් මූලික ගණිත කර්ම 4 ම සිදු කල හැකි බව පැවසේ.




නේපියර්ගේ ඇත් දළ තීරු - Napier’s Bones




         1617  දීපමණ ස්කොට්ලන්ත ජාතික ණිතඥයකු වූ ජෝන් නේපියර් විසින් නිපදවන ලද මෙම උපකරණය මගින් මූලික ගණිත කර්ම 4 ම සිදුකළ හැකි වූ අතර  කිසියම් සංඛ්‍යාවක වර්ග මූලය ද සොයා ගත හැකි විය. ඔහු විසින් ලොවට හදුන්වා දුන් ලඝුගණක භාවිතයෙන් ගැටළු විසදීමේ ක්‍රමය වඩාත්  පහසු කිරීම සදහා මෙම  උපකරණය  නිපදවා ඇත


  
සර්පන රූල -(Slide Rule)

ජෝන් නේපියර් ගේ ලඝුගණක සංල්ප භාවිතා කරමින් 1632 දී පමණ එංගලන්තයේදී මෙම උපකරණය බිහි විය.






Mechanical machinesආකලන යන්ත්‍රය - (Pascaline)



Adding machine යනුවෙන් ද හදුන්වන මෙය ප්‍රංශ ජාතික ගණිතඥයකු වූ බ්ලේස් පැස්කල් විසින් නිර්මාණය කරන ලදී. ඔරලෝසු මුහුණත්, දැතිරෝද ආදී ඉවත ලන කොටස් යොදා මුලින්ම මෙය නිර්මාණයවූ    
                                                      එමගින් පහසුවෙන් එකතු කිරීම 
 
පසුව ගොඩ්ෆීඩ් විල්හෙල්ම් විසින් මෙය තව දුරටත් වැඩි දියුණු කරන ලද අතර එය Step Reckoner ලෙස නම් කරනු ලැබීය. එමගින් ගුණ කිරීම සහ බෙදීම ද පහසුවෙන් සිදු කළ හැකි විය.



Jacquard’s Loom -ජැකුවාඩ් ගේ රෙදි වියන යන්ත්‍රය



1801 දී පමණ ‍ප්‍රංශ ජාතිකයකු වූ ජෝසප් ජැකුවාඩ් විසින් මෙම යන්ත්‍රය නිපදවූ අතර සිදුරු කරන ලද කාඩ් පත් අතරින් නූල් යැවීමෙන් රෙදි වල විවිධ රටා මැවීමට මෙමගින් හැකි විය.

Analytical Engine

දත්ත ගබඩා කිරීම සදහා ජෝසප් ජැකුවාඩ් ගේ සිදුරු කාඩ්පත් සංකල්පය භාවිතා කරමින් 1832 දී පමණ නැවත වාල්ස් බැබේජ්  විසින් Analytical Engine නමින් තවත් යාන්ත්‍රික පරිගණකයක් සැලසුම් කළ අතර එය නිපදවීම සදහා එකල තිබූ තාක්ෂණය පුමාණවත් නොවීය. ඔහුගේ අභාවයෙන් පසු මෙම යන්ත්‍රය නිපදවූ අතර එය ඔහු අපේක්ෂා කළ ආකාරයටම ක්‍රියාත්මක විය.මෙම උපකරණය මූලික කොටස් 4කින් සමන්විත විය.




ü  ආදාන ඒකකය               Input
ü  සැකසුම් ඒකකය            Process
ü  ගබඩා ඒකකය               Store
ü  ප්‍රතිදාන ඒකකය             Output
පසුකාලීනව නිපදවූ පරිගණක වලට පාදක වූයේ  මෙම සංකල්පය බැවින්  ඔහු නූතන පරිගණකයේ පියා ලෙස සැලකේ.  

එසේම ඔගස්ටා ඇඩා ලව්ලේස් නමැති කාන්තාව විසින් ප්‍රථම පරිගණක වැඩ සටහන මෙම යන්ත්‍රය සදහා නිපදවූ අතර ඇය ලෝකයේ ප්‍රථම ක්‍රම ලේඛිකාව ලෙස හැදින්වේ.


Electro Mechanical Machine



Tabulating Machine and Hollerith code



ජෝසප් ජැකුවාඩ් ගේ සිදුරු පත් සංකල්පය තව දුරටත් භාවිතා කරමින් 1890 දී පමණ ඇමරිකානු ජාතික ආචාර්ය හර්මන් හොලරිත් විසින් ටැබියුලේටින් මැෂින් නමින් තවත් යන්ත්‍රයක් නිර්මාණය කරන ලදී. දත්ත ඇතුළු කිරීම සදහා සිදුරු කාඩ්පත් (punched cards)භාවිතා වූ අතර ඒවා විදුලි සම්බන්ධතා පෙළක් හරහා යැවීමෙන් දත්ත සැකසීමේ කේත ක්‍රමයක් ඔහු විසින් හදුන්වා දෙනු ලැබීය. එය Hollerith’s code යනුවෙන් හැදින්වේ.

1911 දී Tabulating Machine සමාගම ආරම්භ කල අතර එය පසුව සුප්‍රසිද්ධ IBM සමාගම බවට පත්විය. විදුලි  බලය සමග යාන්ත්‍රික ක්‍රියාවලියද මෙහි වූ බැවින් එය  Electro Mechanical යුගයට අයත් පරිගණකයක් ලෙස සැලකේ.




පළමු වෙනි පරම්පරාව Electronic Machines




 බැබේජ්ගේ සංකල්පය තවදුරටත් සංවර්ධනය කරමින් විද්‍යුත් තාක්ෂණයෙන් ක්‍රියා කරන ප්‍රථම ස්වයංක්‍රිය කැල්ක්‍යුලේටරය (පරිගණකය) ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය ,IBM සමාගම හා  එක්ව 1944 වසරේදී මහාචාර්ය හොවාර්ඩ් අයිකන් විසින් නිපදවන ලදී. මෙය පළමුවෙනි පරම්පරාවට අයත් මුල්ම පරිගණකය වන අතර මෙහි භාවිතා වූ තාක්ෂණය වූයේ රික්තක නළයි.( Vacuum tubes) මෙය දිගින් අඩි 51ක් වූ අතර බර ටොන් 5ක් විය. දත්ත ඇතුළු කිරීම සදහා යතුරු ලියනය භාවිතා වු අතර තොරතුරු ප්‍රතිදානය සදහා සිදුරු කාඩ් පත් භාවිතා විය. මූලික ගණිත කර්ම 4 ඉතා පහසුවෙන් සිදුකල හැකි වූ අතර එය වසර 15ක් පමණ භාවිතයේ පැවතියේය.



Von Neumann Architecture


1945 දී පමණ ජර්මානු ජාතික ගණිතඥයකු වූ ජෝන් වොන් නියුමාන් විසින් පරිගණක සදහා භාවිතා කළ හැකි නව සංකල්පයක් හදුන්වා දෙන ලදී. එහි මූලික අදහස වූයේ පරිගණකයෙහි භෞතික වෙනස් කම් සිදු නොකර එහි තැන්පත් කරනු ලබන වැඩ සටහන් මගින් විවිධාකාර කාර්යයන් ඉටු කර ගත හැකි බවයි.(Stored Programming) එසේම මෙහි සැකැස්ම තවත් කොටස් කීපයකින් සමන්විත විය. මෙය නවීන පරිගණකයක දළ සැකැස්ම ලෙසද හැදින්වේ. (Block Diagram of A Computer)
















 

6 comments:

Recent Posts